Khamoshi (2019) | "මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය"- Sinhala Dubbed Movie [සිංහල හඩ කවන ලද]

Khamoshi (2019) | "මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය"- Sinhala Dubbed Movie [සිංහල හඩ කවන ලද]

මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ. කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. රාත්‍රිය කොතරම් අඳුරු වුනත්… එළි වීම නවත්තන්න බෑ. අපි ශක්තිමත්ව හිටියොත් ඇති. බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව ජීවත් වෙන්න වෙනවා. අමාරු කාලයට යන්න දෙන්න වෙනවා. හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව අතීතයෙන් පරජය කළ නොහැකියි.


User: Series Hub (Official)

Views: 1.2K

Uploaded: 2023-12-17

Duration: 01:21:55

Your Page Title